නීතිය


නීතිය ද නීතිය කරවන්නන්ද දෙව් ලොවින් පැමිනියා  සේ සැළකේ. නීතිය කරවන තැන් දේවාල වැනිය. දෙවියන් බැහැදැකිීමට යන්නා සේ පිරිසිඳුව සුදු  වතින් සැරසී හතරට පහට නැමී නීතියේ දෙවොලට ඇතුළ් විය යුතුය. නැතිනම් අපහස කළා යැයි දඬුවම් විඳීමට සිදුවේ.පඬුරු පාක්කුඩම් හරියට තිබිය යුතුය. කපුවාගේ මනදොළ සපිරෙන තුරු දෙයියන්නාන්සේ නඩු කල් දමයි.සෑම වාරයකම කටයුතු එකසේ සිදුවිය යුතුය. 

සැබැවින්ම සත්‍ය එය නොවේ.මෙරට අක්‍රමණය කළ පරසතුරන් විසින් ජාතියේ විරුවන් දං ගෙඩියට දැක්කීමට, මෙරට නිදහස ඉල්ලා කෑ ගසන ජනයාට හිරහැර කිරීමට මෙන්ම බලහත්කාරයෙන් බදු එකතු කිරීමට අටවාගත් නීතියක බිජුවකින් හට ගත්තා  මිස මෙය අපේ නීතියක් නම් නොවේ. පරසතුරන්ගේ විෂය නිර්දේශයකට අනුව ඔවුන් විසින් ලියන ලද නීති රෙගුලාසි කියවා ඔවුන්ගේ විභාගයකට පෙනී සිට සමත්වී මේ රටේ නීතිය කරවන්නන් බිහි වේ.

නීතිය හොඳ ව්‍යාපාරයකි.විශාල ප්‍රාග්ධනයක් වැය නොකොට කාමර කෑල්ලක් හා බොඩ් ලෑල්ලකට සීමා වි විශාල ධනස්කන්දයකට හිමිකම් කිව හැකිය. තමා මිය යාමට පෙර අවසන් නොවන නඩු දෑවැද්දක් ලෙස බෑනාට හෝ පුතාට හෝ දියනියට ලබා දිම බහුලය.

රටේ දුප්පත් කම වැඩි වන විට සොරකම් හා මංකොල්ලකෑම් වැඩි වේ. මේ සඳහා කල යුත්තේ දුප්පත් කම තුරන් කරනවා වෙනුවට හිර ගෙවල් වැඩි වැඩියෙන් විවෘත කිරීමයි. නඩු අසා දඬුවම් නියම කරන තැන් වැඩි කිරීමයි. විනිසුරුවරුන් වැඩි වැඩියෙන් පත් කිරීම යැයි නීතිය සුරකින්නෙකු කියා ඇත.වත්තකින් පොල් ගෙඩියක්, කඩේකින් පාන්රාත්තලක් සොරකම් කළහොත් එය දැඩි දඬුවම් දිය යුතු වරදක් බවත්.මුළු රටේම ජනයා රවටා  ප්‍රසිද්ධියේ පොරොන්දු දී ඒවා ඉටු නොකරන්නන්ට කිසිදු අගතියක් නොවන ලෙස නීතිය කටයුතු කළයුතු බවට නීති පොත් වලම සටහන්ව ඇත.තව දුරටත් එහි සටහන්ව ඇත්තේ දේශපාළුවෙකුට ඕනෑ තරම් අපරාධ කළ හැකි බවත් බලයේ සිටිනතුරු දඬුවම් නොදෙන බවත් දඬුවම් නොලැබීමට නම් දිගටම බලයේ සිටිය යුතු බවත්ය.