අදහස් උදහස්

ලොකු කාලකණ්නි සහ පොඩි කාලකණ්නි

 රටේ කාලකණ්නි බහුලය. රට දියුනුවට ගෙන යාමට ප්‍රධාන බාධාවක්ව පවතින්නේ මෙම කාලකණ්ණි හැත්තය. උන් මහන්සිවී  රටට ආදායම උපයා දෙන මිනිසුන්ට පින්සිද්ධ වන්නට යහතින් කා බී ජීවත් වෙති.
උන් මේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි විවිධ ක්‍රම වලට ගසා කති. මින් ප්‍රධානම ක්‍රමය වන්නේ ආදයම් උපයන මිනිසුන්ගෙන් බදු ලෙස මුදල් ලබා ගැනීමයි.


විවිධ ක්ෂේත්‍ර වල උජාරුවට පාරම් බාමින් මුන් සැපසේ ජීවත්වෙති

පොඩි කාලකණ්නි ප්‍රභේද දෙකකි එක්වර්ගයක් තනතුරු වලින් පොඩි, බලතල හා ධනය අඩු  පොඩි කාලනණ්නි ය. අනෙක් වර්ගය වයසින් අඩු එහෙත් කාලකණ්නි අයයි.

 

ශ්‍රී ලංකාවේ සිංඤඤෝරුවෝ 

ශ්‍රී ලංකාවේ බහුතර ජනයා සිංහලයින් ලෙස හැඳින්වුව ද  සිංහලයින් සිටින්නේ ඉතා අතලොස්සකි. විවිධ තාඩන පීඩන වලට ගැරහුම්, ගෙරුම් වලට හා අඩම්තේට්ටම් වලට ලක්වෙමින් දුකසේ ඔවුන්ගේ වෑයමින් ජීවතය ගැටගහ ගෙන ජීවත් වෙති. අතීතයේ දී ඔවුන් පිළිගත් සාඩම්බර ලෙස තම රටට සේවය කළ රටේම ගෞරවයට ආදරයට පත් වූ අභිමානවත් පිරිසකි.

ගමේ සිටි වෙද මහතා ඒ අතර සිටි දෙවියෙකු වැනි මනුෂ්‍යයෙකි. කිසිදා මුදල් පසු පස හඔා නොගිය ඔහු තම කාලය දුකට පත් ජනයා වෙනුවෙන් කැප කළේය. තමා කළ සේවයට ලැබෙන ඕනෑම දෙයක් ඉතා සතුටින් බාර ගත්තේය. සර්පවෙද මහතා කිසිදාක දෂ්ඨ කළ සර්පය අල්ලා මල්ලක දමාගෙන එන ලෙස  කියා නැත. ඔහු සර්පයා මෙන්ම විෂ කොතරම් ශරීරගත වීඇද්ද යන්න රෝගියා පරීක්ෂාකර ටික වේලාවකින් කිසිදු උපකරණයක් නොමැතිව දැන ගැනීමට තරම් අති දක්ෂ වෛදවරයෙකු විය. කැඩුම් බිඳුම් වෙදමහතා ලඟට ගෙන ආ කැඩී වෙන් වුනු අත් පා පවා නිසි ලෙස බද්දකොට තිබුනු ආකාරයටම සකස් කලේ බෙහෙතෙන් මිස යකඩ බොල්ට් ඇන සවි කොට නොවේ. ගමේ සිටින වින්නඹු මාතාව ගැඹිනි මව පරීක්ෂා කර නිවැදිව උපදින දරුවාගේ ස්වභාවයක් මවගේ තත්වයත් දරුවා ලැබ‍ෙන වේලාවත් කීමට ඉතා දක්ෂ වි. ඇය අතින් මවක් මිය ගියේනම් ඒ ඉතා කලාතුරකිනි.

මෙවැනි ඉතා බුද්ධි සම්පන්න විශ්ව දැනුමෙන් පොහොසක් එහෙත් නිරංකාරව සාමාන්‍ය ජනයා අතර වෙසෙමින් රටට දැයට ගැති බවින් සේවය කල සිංහලයින් අතර ගොවීන්, කුඹල් කරුවන්, ගල් වඩුවන්, කම්මල් කරුවන් මෙන්ම මහා දාගැබ් වැව් ඉදිකළ ඉංජිනේරුවන් විය. ඔවුන්ට සිදු වූ දේ ඉතා ඛේදජනකය ඔවුන් සතු වූ මහා දැනුම සමගම ඔවුන්ව ලංකා පොලොවෙන් අතුගා දමා තිබේ. අදටත් තැන තැන ශේෂව විසිරී සිටින අසරණ වු සිංහල ජනයා පාගා දමමින් ඔවුන්ට හිමිව තිබූ ගෞරවය අභිමානය පැහැරගනිමින් සිංහලයින් නමින් පෙනී සිටින සිංඤඤෝරුවෝ වැජඹෙති.

සුද්දන් එරටින් යන විට ඔවුන්ට ගැතිකම් කළ වන්දිභට්ඨයන්ට රට භාර දී ගියේය. මෙම වන්දිභට්ටයින් සුද්දන්ගේ ඉටි චෝරු කමින් එරටෙහි සෑබෑ සිංහලයින්  චාටු බසින් රවටා සිංහාසනාරූඩ වූහ.එතැන් සිට සුන්දන්ගේ රූකඩ ලෙස උන් නූල් අදින අදින ආකාරයටම සුන්දන් සතුටු වන ආකාරයටම ජවනිකාව රඟ දක්වමින් අදටත් ගාම්භීර ලෙස රට පාලනය කරති. ශ්‍රී ලංකික දේශීය ජනයාගේ මාතෘභූමිය යටත් කර ගෙන රටේ ධනය මංකොල්ලා කා පොහොසත් වූ සුද්දන්ගෙන්ම ණයට හිඟමින් ප්‍රෞඩ ශ්‍රීලංකීය අභිමානය මෙම සිංඤෝරුවන් රැළ විසින් අදටත් කෙළෙසමින් පවතී.