ආර්ථිකය


රටේ ආර්ථිකය ඉතා සුළු පිරිසක් විසින් හසුරවති.ඔවුන්ගේ බහුතරය විදේශිකයෝ වෙති.රටේ ජනයා විදේශිකයින්ගේ නිෂ්පාදන වලට ඇලුම් කරති.ගොවීන්ගේ හා කම්කරුවන්ගේ බදු මුදල් වලින් බොහෝ පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගත කරති.ඔවුන්ගේ පැවැත්ම සඳහා ගොවීන් හා කම්කරුවන් එම අසරණ තත්වයේම පවතවාගෙන යති.කම්කරුවන්ගේ වැටුපද ගොවීන්ගේ නිෂ්පාදන වලට මිළද ඔවුන් විසින් තීරණය කරති.නවින යන්ත්‍ර රටෙහි නිපදවීම තහනම් කොට ඇති අතර පිටරටන් ගෙන්වීම දිරිමත් කිරීමට බදු සහණ සැපයේ


ව්‍යාපාර බොහෝමයක් ජනතාවගේ මුදල් හුරාකෑම පදනම් කරගෙන නිර්මානය වි ඇත. ත්‍රස්ත නම් වු බිය ගන්වා මුදල් එකතු කිරීමේ ක්‍රමය එක් ප්‍රධාන ක්‍රමයකි. මෙහිදී ජනතාවට මරණබිය, අනතුරු බිය.රෝග බිය , දේපලහානි බිය, දරුවන් අසරණ වීමේ බිය ආදී නොයෙකුත් බිය ඇති කරවයි. රටකට සැබෑ සේවාවක් ඉටු නොකොට ලක්ෂ ගණනත් බිය ගැන්වීමේ ක්‍රමය භාවිතා කර ජීවිතය ගැට ගහ ගනිති.එම ව්‍යාපාරිකයෝ මේ අයුරින් කෝටි ගණන් ධනය රැස් කර ගනිති.ඊ ලඟ මහා ව්‍යාපාර ගණයට අයත් වන්නේ ගිනි පොළියට ණය දීමේ ව්‍යාපාරයි. අසරණ මිනිසුන් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් වලින් විශාල කොටසක් ගිණි පොලී ලෙස ලබාගෙන තම ජීවිත ගැට ගහ ගන්නා තවත් ලක්ෂ ගණනක් ඉල්ලන්කාවේ ජීවත් වේ. ආර්ථික විශේෂඥයින් කියා ගන්නා පිරිස මේ ක්‍රම හැර මෙයට වඩා සාධාරණ වූ මානුෂවාදී ක්‍රම ගැන විග්‍රහ කිරීමට අසමත්ය. පරසතුරන් හඳුන්වා දුන් ආර්ථික ක්‍රම හැර වෙනත් ක්‍රම ගැන සිතීම ඔවුන්ට අසීරුය.රටක සැබෑ ආර්ථික බලය ලෙස දැක්විය හැකි දේශිය නිෂ්පාදන ආර්ථිකය මර්දනය කිරීම රජයේ අවශ්‍යතාවයි හා රාජ්‍ය ප්‍රතිපත්තියයි. ඒ සඳහා රජය විසින් පහත පියවර ගෙන තිබේ.



  • මෙරට නිෂ්පාදනය කරන දෑ වෙලඳපලට ලැබීම වලක්වනු පිනිස පිටරටින් ආනයනය කිරීම
  • මෙරට නිපදවිය හැකි භාන්ඩ ආනයනය කිරීම
  • මෙරට නිපදවිය නොහැකි භාන්ඩ  භාන්ඩ වෙලඳපොලට තරඟකාරී මිලට එක්කර ආදේශික දේශීය නිෂ්පාදන මර්ධනය කිරීම
  • බදු සහන සපයා ආනයනය දිරි ගැන්වීම
  • දේශීය නිෂ්පාදකයින්ගෙන් අධික බදු අය කිරීම