ඉතිහාසය


අපේ ඉතිහාසය-

අතීතයේ දී අභිමානවත් ජාතියක් මෙහි විසූ බවට සාධක ඇත.සතුරු ආක්‍රමණ වලින් ඔවුන්ගෙන් බහුතරය වඳ වී ගොස් ඇත.ඉතිරි ජනයාගෙන් වැඩි කොටසක් රට ආක්‍රමණය කරන ලද සතුරු පිරිස් සමග එක් වී මෑත ඉතිහාසයේ දී මෙම බඩගෝස්තරවාදී ජාතිය නිර්මාණය කරගෙන තිබේ. රටේ සැබෑ උරුමක්කරුවන්, මේ පවා දෙන්නන්ගෙන්ද, ආක්‍රමණික ජාතීන්ගෙන්ද බැට කමින් තම උරුමයන් රැක ගැනීමට සටන් වදිති. රට පවාදෙන ඇම්බැට්ටයින් ඔවුන් ජාතිවාදින් ලෙස හංවඩු ගසති. සතුරන් සමග එක්ව බිහි කළ නව පරපුර ඉතිහාසය ඉගෙනීමට රුචිකත්වයක් නොදක්වයි. සමහර වියතුන් පැරණි ඉතිහාසය විකෘති කර නව ඉතිහාසයක් ලියමින් සිටිති.

ඉතිහාසයේ විසු එම අභිමානවත් ජාතිය රටේ මුල් පදිංචි කරුවන්ගෙන් ආරම්භවූ බව නිසැකය. එය වසර දසදහස් ගණනකට පෙර සිදු වී ඇති බවට සාධක හමු වී ඇත. වෙනත් රාජ්‍ය වලින් සිදුකළ ආක්‍රමණ වලින් මොවුන්ගේ  ආගමික ඇදහිලි වෙනස් වූවද එම ආක්‍රමණිකයින් කිසිවෙකුට ඔවුන් සතු වූ භාෂාවද බොහෝ සංස්කෘතික ලක්ෂණද, දියුනු තාක්ෂණයන් හා කළාවන් ද වෙනස් කිරීමට අසමත් වූ බව පැහැදිළිව පෙනේ.එම නිසා ලොව අන් කිසි රටක නැති දියුනු භාෂාවක් හා සංස්කෘතික ලක්ෂණයන්ගෙන් යුක්ත නිදහස් නිවහල් ප්‍රෞඩ ජාතියක් බිහි කිරීමට වසර දස දහස් ගණකට ඉහත විසු අපේ මුතුන් මින්තන්ට හැකි වී ඇති බව පැහැදිළිය.ඔවුන් සතු වූ ජළ කළමනාකරණ තාක්ෂණයන් ,ගෘහ නිර්මාන ශිල්පය මෙන්ම රෝග සුව කිරීමේ විස්කම් අද්විතීය වේ.

ආක්‍රමණිකයින්ගේ ආභාෂයෙන් හා බලපෑමෙන් ලියන ලද ලිඛිත පොත පතෙහි සඳහන් වන ආකාරයට වෙනත් දේශයකින් පැමිණියේ නම් ඔහුනට අන්‍යන්‍ය වූ දියුනු භාෂාවක් හා සංකෘතියක් හිමිවීමට කිසිදු ඉඩ කඩක් නොමැත.අද පවා මුළු ලොවම විශ්මිත කරනවන නිර්මාණවල නටඹුන් අදද දක්නට ලැබේ. ඔවුන්ගේ භාෂාව ලොව විශිෂ්ඨතම භාෂා වලින් එකක් ලෙස සැළකනෙ අතර, ඔවුන් ලොව බුද්ධිමත්ම ජාතීන් කිහිපයෙන් එක් ජාතියක් බවද අදවන විට මුළු ලෝකයම පිළිගෙන ඇත.  
සෑබෑ ආක්‍රමණිකයින් හඳුනා ගැනීම සඳහා ඉතිහාසය අවශ්‍ය නොවේ.ඔවුන්ගේ ආක්‍රමණය සිදු කිරීමට පෙර ඔවුන් පෙර සිටි මව්රට යැයි සැළකෙන රටේ භාෂාව හා සංස්කෘතිය මෙන්ම ආගමද භාවිතා කරයි නම් ඔවුන් ආක්‍රමණිකයින් බව ඉතා පහැදිළිය.