ජාතික කොඩිය


ජාතික කොඩිය - 

ජාතික කොඩිය

 

  • බියෙන් නගුට හකුළුවාගත් බල්ලෙකු සහිතයි. කොඩිය වටා අරක්කු හා බීර බෝතල් වලින් නිර්මානය කල රටාවක් ඇත. බල්ලාට ඉදිරියෙන් කොටියෙකුගේ හිසක් හා බැලූ බැල්මට එළුවෙකුගේ මෙන් පෙනෙන නරියෙකුගේ හිසක් දක්නට ලැබේ.බල්ලාගේ පිටු පසින් කටු කම්බියක් ද දක්නට තිබේ. 
  • මිනිසුන් ලෙසින් පෙනුන ද සතුන් ලෙසින් හැසිරෙන බැවින් ජාතික කොඩියට මෙසේ සතුන් ආදේශ කරන්නට ඇත.ශ්‍රී ලංකාවේ අතීතයේ යක්ෂ,නාඝ වැනි ගෝත්‍ර සිටියා සේ ඉල්ලන්කාවේ ද සත්ව නම් වලින් හඳුන්වන ගෝත්‍ර ජීවත් වෙති. බල්ලන් මෙන් හැසිරෙන් බහුතරයක් සිටින නිසා බලු වාර්ගික ලෙස නම් කර ඇත.එසේ නමුත් එළුවන් ලෙස පෙනෙන නරින් හා පුල්ලි සහිත කොටින් වැනි මිනිසුන් බහුලව ලෝකයේ වාසය කරන නිසා මෙසේ බහුතරය යැයි පැවසෙන පිරිස බහුතරය නොවන බව ඉතා පැහැදිළිය.එබැවින් මෙම ප්‍රකාශය නොමග යවන සුළු එකකි.
  • බියෙන් නගුට හකුළුවා ගත් බල්ලා සංකේතවත් වන්නේ බලු වර්ගයේ ඇති බියගුළු හා නිවට කමය.කාගේ හෝ අවදි කිරීමකින් බුරන්න පටන් ගතහොත් ඉදිරියේ සිටින කොටියා ගේ ගෙරවිළි හා තර්ජන වලටද නරියාගේ කපටි නරිවාදන් වලට ද මුහුන දීමට බල්ලාට සිදු වේ. කොටි තර්ජන හා නරිවාදම නොතකා නැගී සිටියහොත් පසුපස ඇති කටු කමිබිය ක්‍රියාත්මක වේ. කටුකම්බියේ අනෙක් කෙලවර කොඩිය පසු පසින් නොපෙනී යන නිසා එය අදිසි හස්තයකින් නොහොත් බාහිරින් ක්‍රියාත්මක වන බව පෙන්වයි.මෙසේ පසු පසට කටු කම්බි ඇතුල් කර ඇදීමෙන් නැගී සිටීම වලක්වයි.
  • වටේ ඇති රටාව පැරණි ශිෂ්ඨාචාරයකින් පරිවර්ථනය කල එකකි. ලියවැල් වෙනුවට බීර හා අරක්කු බෝතල් යොදාගෙන ඇත්තේ එය රටේ ප්‍රධාන පානය වන බැවිනි.පාසල් හා සිද්ධස්ථාන වල කුණුගොඩවල් වල පවා හිස් බෝතල් දක්නට ලැබේ.
  • බීර, අරක්කු ප්‍රචලිත කිරීම සඳහා නව ක්‍රමයක් භාවිතා කරයි. ප්‍රථමයෙන් තැබෑරුම් නීති ගත කර රටපුරා තැබෑරුම් විවෘත කර නීත්‍යානුකූලව මත්පැන් ආනයනය කෙරේ. ඉන්පසු වෙළඳ දැන්වීම් ලෙස මත් පැන් පානය නුසුදුසු බවට පුළුල් ප්‍රචාරයක් සිදු කරයි. දේශපාළුවෝද එයට පුළුල් සහයෝගයක් ලබා දෙනනේ බොහෝ මත්පැන්හල් වල හිමිකරුවන් ඔවුන් බැවිනි. විශේෂයෙන්  තරුණයන්  නුසුදුසු ලෙස තහණම් කරන දේ සිදු කරන බව රජය හා වෙළෙන්දන් හොඳින් අවබෝධ කර ගෙන තිබේ.