සිද්ධි

 


පිහිණුම් ශූරිය දියේ ගිලී මිය යයි

අප එහි යන විටත් ඇය රෝහල වෙත ගෙන ගොස් තිබිණි. ඇයගේ මිතුරියන් යැයි කිව හැකි ගැහැණු ළමුන් දෙදෙනකු වැව ලඟදී අපට හමු විය.ඔවුන් පැවසූ පරිදි ඇය ඒ වන විටත් මෙලොවින් සමුගෙන තිබිණි. ඔවුන් අපට පැවසූ පරිදි ඇය ඉතා දක්ෂ කටකාර එමෙන්ම ජවසම්පන්න වයස දහසයක ගැහැණු ළමයෙකි. ඇය පාසලේ දීප්තිමත් කාගේත් ආදරය දිනාගත් කැපී පෙනෙන චරිතයක් වූවාය.

අපට හමුවූ ඇයගේ මිතුරියන් දෙදෙනොගෙන් එක් අයෙකු කට හඬ අවදි කළාය. "නිපුනි සෑම දෙයකටම හරි දක්ෂයි.ඇයට පුදුම මතකයක් තියෙන්නෙ. බොහෝ දේවල් කටපාඩමින් කියනවා. ඒත් ඇය පිහිණුම් විෂයට ඒ තරම් කැමැත්තක් දැක් වූයේ නැහැ"."එහෙනම් ඇයි ඇය පිහිනුම් විෂය තෝරාගත්තේ" මම විමසුවෙමි."ඒ විෂය කාන්ඩයේ ඇය කැමිති විෂයන් තිබුනත් ඒවා උගන්වන ගුරුවරු අපේ ඉස්කෝලේ හිටියෙ නැහැ."ඇය ඉතා දුකින් පැවසුවාය."ඉතිං ඇයට එම විෂය අතහරින්නනේ තිබුනේ "මම ඇසූවෙමි.."එහෙම බැහැ එම කාණ්ඩයේ එක් විෂයක් හරි අනිවාර්යයෙන් විභාගයට තෝර ගන්න ඕනෙ".ඇය පැවසූවාය.ඇය නැවත හඬන්නට පටන් ගත්තාය. අප වෙනත් කිසිවක් ඇයගෙන් නොවිමසා එතැනින් ඉවත්ව ගියෙමු.

පසුවදා උදෑසනම නිපුනිගේ නිවසට යාමට පිටත් වුනෙමු.නිපුනි නම් වූ එම රෝස මල ආකාලයේ මිලානව ගොස් තිබෙනු මා දුටිමි.ළමා සාරියකින් හැඩව ඇය උඩුකුරුව සයනයේ නිසොල්මන්ව සිටියාය.පාසල් දිවියේදී උරගා බලන්නට නොහැකිවු සහජ දක්ෂතා සමූහයකින් යුතු වූ බව ඇගේ දෙමාපියන් කියූ කරුණු වලින් පැහිදිළි විය.ගීත හා කවි ලිවීමේ හැකියාව,කැටයම් කලාව, රූකඩ කලාව, ආදිය ඇයගේ සීයාගේ අභාෂයෙන් ඇයට ලැබී තිබිණි.

එදා ගඟ ලඟදී හමු වූ ඇයගේ මිතුරිය අපට එහි දී හමුවිය. මා හට තිබූ උභතෝකෝටික ප්‍රශ්නය විසඳා ගැනීමට ඇය සමග කථාවේ යෙදුනෙමි. "එතන වතුර තිබුනේ නිපුනිගේ ගෙල ළඟට නම් ඇයට ලේසියෙන්ම ගොඩට පීනන්න තිබුනනේ." "නිපුනි වතුරට බයයි.ඒකයි ඒයා මේ විෂය කරන්න අකමැති වුනේ.""එහෙනම් කොහොමද විෂයෙන් ඇය විශිෂ්ඨ ලෙස සමත් වුනේ ප්‍රැක්ටිකල්වලදී ඇය අසමත් වෙනවනෙ?.""පිහනුම් විභාගෙන් සමත්වෙන්න ප්‍රැක්ටකල් ඕන නැහැ.""එහෙනම්?"මම ප්‍රශ්න කළෙමි. ""විභාගෙට තියෙන්නේ බහුවරණ ප්‍රශ්න හතලිහකටයි රචනා ප්‍රශ්න පහකටයි උත්තර ලියන්න විතරයි." ඇය කිවේය.

ඇය කියූ වචන මගේ ඔළුව තොන්තු කලේය මොහොතක් මා එතනම බිම වාඩි වූයෙමි.ටික වේලාවකින් මා පියවි තත්වයට පත් විමි. වෙනත් කිසිවක් නොවිමසා මා මළ ගෙයින් පිටතට ආවෙමි.



දෙයියන්ගේ හාල්..

විරූ රජයේ සේවයට බැඳී මේ වන විට අවුරුදු පහත් පසු වී ඇත.ඔහුගේ ඉහළ නිලධාරියා විසින් ඔවුගේ විස්තර පුරවා දෙන මෙන් පෝරමයක් ලබා දුන්නේය. මීට මාසෙකට උඩදී මම මේ වගේ පෝරමයක් පිරෙව්වනේ. මේක වෙන එකක් වෙන අවශ්‍යතාවයකට වෙන්න ඇති යැයි නිලධාරියා කීවේය.මේ වගේ පෝරම විස්සකට වඩා රස්සාව ලැබිච්ච දවසේ ඉඳලා මම පිරෙව්වානේ ඇත්තටම මේ තොරතුරු කොහාටද යන්නේ?.ඒ වුනාට තොරතුරු අළුත් වෙනවානේ යලිත් නිලධාරියා පැවසීය. මගේ අළුත් තොරතුරු  මට දෙවැනි දරුවෙක් ඉන්න එකයි, අළුතෙෙන් ගෙයක් හදපු එකයි, මොටර් සයිකලයක් ගත්ත එකයි. ඒවා කිසි එකක් මේකේ අහලා නැහැනේ. කොහොමද මගේ මුල් පත්විම් දිනය අළුත් වෙන්නෙ. අනික මට පත්වීම දුන්නෙ ඒගොල්ලොමනේ මගේ නම ගම ලිපිනය නැතිවද පත්වීම දුන්නෙ.එතකොට ඊලඟ  ශ්‍රේණියට මාව ඇතුළත් කරල ලිවුම එව්වෙත් එගොල්ලොනේ ඔබ ආසවල් දිනේ සිට මෙම ශ්‍රේණියට උසස් කරනව කියල. ඇයි ඒවම ආයේ ආයේ මගෙන් අහන්නේ හරියට දෙයියන්නාන්සේ මට පත්වීම දීල වගේ.දැන් කාලේ කම්පියුටරුත් තියෙන එකේ බැරිදි අපේ විස්තර ටික එක තැකක තියා ගන්න. නිළධාරියා කිසිදු පිළිතුරක් නොදී .තමාට නොඇසුනා සේ තම කාර්යයේ නියැළිණි. මුන්ට නම් දෙයියන්ගෙ හාල් කැවිලා විරූට එක පාරටම කියැවුනි.



කවලම්පුර ගෑනු

කවලම්පුර ගෑනු තිදෙනෙකුගේ කථාවකට රහසේ සවන්දීමේ අවස්ථාව මට ලැබිණි.ඔවුන්ගේ මාතෘකාව වූයේ සුද්දන් දැකීමෙන් තමන්ට ඇති වන හැඟීමය.එක් කතක් කියා සිටියේ ඇය සුද්දන්ව දකින විට ඇයට දැනෙන්නේ ඔවුන් දෙව් ලොවෙන් පැමිණි දේව දූතයින් ලෙස බවයි. තවත් කතක් කියා සිටියේ සුද්දෙකු දකින විට තමාගේ පැත්තක් හිරි වැටී යන බවයි.ඇය තව දුරටත් මෙසේ ද කියා සිටියාය. “බලන්නකො ඒගොල්ලොන්ගේ එක අතක් දිහා මස් ගොබ පෑදිල පෙනෙන හැටි, බලන්නකො උස මහත විතරක්. අපේ අය වගේද.බලන්නකො සුදු, දැක්කම අල්ලගෙන ඉඹින්න හිතෙනවා“ වයස දහඅටක පමණ ළමිස්සියක් වන අනෙක් කත කියා සිටියේ තමාට සුද්දෙක් දුටු විට පොඩි කිති කැවීමක් ඇති වන බවයි.



අන්තිමට බෝතලයා ජාතියේ පියා විය.

ජාතියේ පියා තෝරා ගැනීමට පැවති කම්ටු සාකච්ඡාවකට සහභාගී වීමට මට ද අවස්ථාව ලැබිණි.විවිධ යෝජනා පළ වූ අතර මම ද යෝජනා කිහිපයක් හේතු දක්වමින් ඉදිරිපත් කලෙමි. මා ඉදිරිපත් කලේ ආක්‍රමණිකයින් පන්නා දමා රට එක්සේසත් කොට ස්වයංපෝෂී දේශයක් කළ අපේ රජවරුන් දෙදෙනෙකුගේ නම්ය. තව දුරටත් මා කියා සිටියේ “මේ රජවරු කාවදවත් පරසතුරන් සමග එකට ඉඳගෙන නැහැ. උන්ගෙ විද්‍යාලවලට ගිහින්පොත පත කියවල උන්ගෙ විභාග පාස් කරල වන්දිභට්ඨ කම් කරල නැහැ. නිවට විදියට අතපාල ජාතියේ අභිමානය කෙළෙසල නැහැ. කොටිම්ම කිව්වොත් සතුරන්ට පහර දුන්නා මිස සතුරන්ට පෙම් කරල නැහැයි “ කියාය. මෙය ඇසුනු අනෙක් කමිටු සාමාජිකයෝ නොසන්සුන් වූහ. සමහරු පුටු යටින් කකුල දමා මට පා පහරවල් ගසන්නට විය. සමහරු ඉලයට ඇඟිල්ලෙන් අනින්නට විය. යක්ෂාවේශ වූ කමිටු සභාපතිවරයා “උඹ ඔය අපහස කරන්නේ සුදු මහත්තැන්ලටත් එක්කයි. මේ කමිටුවේ ඉන්ට උඔට ඉඩක් නැහැ.“ කියමින් වියරුවෙන් කෑ ගසන්නට විය. මා තවදුරටත් එහි සිටීමෙන් පළක් නොවනබව මට සිතුනි. මා එතැනින්ඉවත්ව ගියෙමි. සුද්දන්ට එක මූනකුත්, රටවැසියන්ට තව මූනකුත් පෙන්නා, නොරටුන්ට අතපා ජාතියේ අභිමානය කෙළෙසූ කඳ මහත ඔළුව පොඩි බෝතලයක් වැනි සිරුරක් ඇති තක්කඩියෙක් ජාතියේ පියා ලෙස නම් කළ බව පසුව අසන්නට ලැබිණි.  



මී හරක් ඡන්දදායකයෝ

දිනක්  සුද්දන් දෙදෙනෙකුට මී හරක් රැලක් පාලනය කිරීමට ගව පාලකයෙක් තෝරා ගැනීමට අවශ්‍ය විය.කිහිප දෙනෙකු ඉදිරිපත් වී සිටි අතර පෙජාචන්ත්‍රවාදෙන් මෙය සිදු කළ යුතු බව සුද්දන් පැවසූහ. මානව හිමිකම් පන මෙන් රකින සුද්දන් පෙජාචන්ත්‍රවාදෙට ඉතා කෑදරය.ඒ නිසා ඔවුන් ඡන්දයක් පැවැත්වීමට තීරණය කලහ. සුද්දන් තම තීරණය ගවපාලකයින් වීමට වෙර දරන කිහිපදෙනාට පැවසූහ.ඉන් පසු ඔවුන් මී හරක්ගෙන් ඡන්දය ලබා ගන්නා ආකාරය ගැන කල්පනා කළහ. මී හරක් ගැන හරි හැටි නොදත් එක් පොතේ උගතෙක් එක් එක් මී හරකා ලඟට ගොස් මෙසේ කීවේය.“ මට නුඹලා ඡන්දය දුනහොත් මා උඹලා සියළු බර වලින් නිදහස් කරනවා. උඹලාට කෑමබීම ලඟටම ගෙනත් දෙනවා. ගිලී නාන්නට හොඳ මඩ වලකුත් ලබා දෙනවා“. කියූ දේවල් සියල්ල වැටහුනා සේ මී හරක් හිස සැලූහ.හෙට උදෑසන උන් ඔක්කොම තමා ලඟට දුවගෙන එනු ඇතැයි ඔහු සිතුවේය.ඡන්දය ලැබීමට සිදු කළ යුත්තේ කෙසේ හෝ මී හරක්ගෙන් වැඩි පිරිසක් තමා ලඟට ගෙන්වා ගැනීමයි. ඡන්දය දින තවත් මී හරක් පාලකයෙක් වීමට වෙර දරන්නෙක් තණකොල මිටියක් රැගෙන මී හරක් රැළ ඉදිරියට පැමිණ ඉන් තණකොල ස්වලපයක් අතට ගෙන  මී හරක්ට පෙනෙන ලෙස වනන්නට විය.  තවෙකෙකුට කළයුතු දේ ගැන  සුද්දන්ගෙන් උපදෙස් ලැබිණි. සුද්දන් ඔහුට ලස්සන තණකොල යායකුත් ඒ අසළ පිහිටි මඩවලකුත් සහිත විශාල බැනරයක් නිර්මානය කර දුන්හ.එම බැනරය මී හරක් රැල ඉදිරියෙන් ඇට වූ අතර  මී හරක් රැළ එය දැක එක රොත්තට ඒ දෙසට දුවගෙන එන්නට පටන් ගත්හ. තණකොල මිටිය ඇති මී හරක් පාලකයෙක් වීමට වෙර දරන්නා සිතුවේ ඔහුගේ තණකොල මිටියට හරක් දුවගෙන එන බවයි. ඔහු“මට තමයි වැඩි පිරිසක් ඉන්නේ මම තමයි දිනන්නේ“ යි කියමින් වැරෙන් හඬ තැළුවේය. මී හරක් රැල තණකොල මිටියත්, එතන සිටි අයත් පෙරළාගෙනම බැනර් එක දෙසට ම දිවූහ. මී හරකුන් බැනර් එක දෙසට ලන් වූ විගසම සුද්දන් එම මී හරක් පාලකයෙකු වීමට වෙර දරන්නා ජයගත් බවට ප්‍රකාශ කලහ.තත්වය උණුසුම් වීමට කළින් ඔහුව මී හරක් පාලකයා ලෙස  පත් කරන ලදි. ශුභාසිංශන පනිවිඩයක්ද මාධ්‍ය ඔස්සේ නිකුත් කරනු ලැබිණි.




අපි උන්ගෙ කකුල් කපමු සර්

රටේ දුප්පත්කම වැඩි නිසා එක් කාලයක සුළු සොරකම් බහුල විය. ජනයාගෙන් මේ සම්බන්ධයෙන් නීතිය  හා සාමය සුරකින්නන්ට චෝදනා එල්ල විය. දිනක් නීතිය හා සාමය සුරකින්නන් කැඳවා ඔවුන්ගේ ලොක්කා “මුන් අල්ලන්ට උඹලාට බැරිනම් ගෙදර පලයල්ලා“ යි ගොරනාඩු කළේය.

එය අසා ඒ අතර සිටි නිර්භීත නීතිය හා සාමය සුරකින්නෙක් මෙසේ කීවේය. “සර් උන් මාල කඩාගෙන, පර්ස් උදුරගෙන හයියෙන් දුවනවා අපට උන් එක්ක දුවන්න බෑ සර්. ශ්‍රී ලංකවෙ නම් අඳුරු වීදුරු තියෙන මූන ආවරණය කරපු හෙල්මට් දාගෙන මංකොල්ලකෑම් කරන අය අල්ලන්ට බැරි නිසා ඒව තහනම් කරල තියෙන්නේ.අපිටත් තියෙන්නෙ ඒ වගේ දෙයක් කරන්න. “එහෙනම් තමුසෙ කියනවා කරන්න ඕන දේ“ ඔය ටව්මේ රස්තියාදු ගහනවුන් තමයි ඕවා කරන්නෙ. අපි උන්ගෙ කකුල් කපමු සර්.


ලළ ලළ  භේදෙ

මහ වනයට ගොස් ධ්‍යන වඩා සසරින් එතෙරවීමට සිටින ඉල්ලන්කාවේ මහා සාහිත්‍යධරයින් තිදෙනෙක් දවසේ තම සුපුරුදු තර්ක විතර්ක විවාදය ආරම්භ කලෝය. එදින මාතෘකාව වූයේ භාෂාවේ ඇති ලළ ලළ භේදයයි.

විවාදය ආරම්භ වන මොහොත වන විටත් මහා වනයේ සිටි කොටි රැල විසින් මොවුන් රැඳී සිටි ගල්කුළ වටලමින් තිබිණි.මොවුන් භාෂාවේ ල අකුර හා ළ අකුර යෙදිය යුතු තැන් ගැන මහා විවාදයක් ආරම්භ කලහ.  මොවුන් ගේ ආවතේව කම් කිරීමට රැගෙන ආ ගැමියා මෙසේ කීය. “අනේ මහතුනේ මට නම් ඔබතුමාල කියන හැම ල යන්නක්ම ඇහෙන්නේ එක විධියටයි.ඕකට ඔය තරම් තර්ක කරන්නේ මොන ප්‍රයෝජනයකට ද?“

ආවතේව කරුවාටද බැන වැදුනු ඔවුන් නොනවත්වාම විවාදය ගෙන ගියහ.රෑ බෝ වන තුරුත් ඔවුන්ගේ තර්ක විතර්ක අවසන් නොවීය.  අවසානයේ එය නතර වුයේ තිදෙනාම විරසක වීමෙනි. ආරක්ෂාව ගැන නොසිතාම ඔවුන් වෙන වෙනෙම කූඩාරම් වල නින්ද ට ගියහ, 

ආවතේවකරු ගසක් මුදුනේ තනාගත් මැස්සක නිදා ගත්තේය. රෑ මැදියමේ කුඩාරම් වලට කඩා වැදුනු කොටි ඔවුන් විලාප දෙද්දීම කැලයට ඇදගෙන ගියහ. 

උදෑසනම අසල ගමට ගොස් මිනිසුන් කිහිපදෙනෙකු සමග පැමිණි ආවතේව කරුට හමු වූයේ ප්‍රානය නිරුද්ද වූ අඩ වශයෙන් කා දමන ලද මළ සිරුරුය.


අමනබද්‍ර වහන්සේ

 දිනක් අමනබද්‍ර නම් ශ්‍රමනයාගේ බණ ෂෝ එකකට මටත් යෑමට පොඩි අදහසක් පහළ වී මිතුරෙකු සමග එහි ගියෙමි. බෞද්ධාගම ගැන හයක් හතරක් නොදන්නා බෞද්ධ යැයි කියා ගත් "බූරුවන්" ටිකක් අමනබද්‍රගෙන් බණ අසා සෝවහන් වන්නට පැමිණ තිබිණි.  හාවෙක් තල් ගසකින් තල් ගෙඩියක් වැටෙන සද්දෙ අහලා ලෝකෙ පෙරලීගෙන එන බව කිව්වා වගේ මේ මුග්ධ ශ්‍රමනයා තමා රහත් වී ඇති බව කියන්නට විය.

බුදුහාමුදුරුවෝ සතුන් මරන්නට එපා කිව්වාට මස් කන්න එපා කියලා නැතැයි වැදිබණ දෙසන්නට විය.මෙය පැමිණ සිට මෝඩචූන් සැදැහැවතුන්ට ආතල් ගෙන දෙන්නක් විය. "එතක‍ොට සියලු සත්වයෝ නිදුක් වේවා කිව්වේ මුගේ අම්ම ද? යකෝ මස්කන එක සත්ව ඝාතනයට අනුබලදීමක් නෙවේද? " මම මිතුරාට කීවෙමි.

මෝඩචූන් බෞද්ධ හැත්තගේ ගොන් මොල අමනබද්‍රගේ කෙස් පැලෙන තර්ක වලට හිරිවැටී ඇති බවක් පෙනිණි. සෙනග අතරින් පිම්පි බෞද්ධයෙක් නැගිට අමනබද්‍රගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. "හාන්දුරුවනේ , මගේ පවුල මට ආදරෙයි. මාත් එයාට ආදරෙයි.මම රස්සාවකට යන්නේ නෑ. කට්ටිය ගෙදරට එනවා. අපි අඩුපාඩුවක් නැතිව සතුටින් ජීවත් වෙනවා. මම වැරදිද? හාන්දුරුවනේ" මෙය ඇසු අමනබද්‍ර කොක්හඬලා සිනාසුන සේක. "මොන වරදක්ද? බෝසතාණන් වෙස්සන්තර වෙලා ඉන්නකොට මුළු පවුලම දන් දුන්නෙ ජූචක බමුනට. ඔයා සම්පූර්ණෙන්ම දන්දීලත් නැතුව එකට ඉන්නවනේ. හොඳට හිතේ තියාගන්න ඕක ලොකු පිනක්" යැයි අමනබද්‍ර පැවසූහ.මෙය අසා මෝඩචූන් බැතිමතුන්ගේ ආතල් එක දෙගුණ තෙගුන විය.

තවත් මෝඩචූන් බෞද්ධයෙක් ඒ ආතල් එකේම ප්‍රශ්නයක් ඇසීය."හාන්දුරුවනේ, මම මගේ දරුවවයි, ගෑනිවයි දාල ආවා.මෙහෙට වෙලා රස්සාවක් කරගෙන ආතල් එකේ ඉන්නවා. උන් කන්නෙ බොන්නෙ කොහොම ද කියලා මං හොයන්නෙ නැහැ. මට මෙහෙ ආතල්. ඒක පව් ද හාන්දුරුවනේ. "ඔයාගෙ අරමුණ පැහැදිළියි. සිදුහත් කුමාරයත් යසෝදරාවත් රාහුලවත් දාල ගියේ. කිසි ප්‍රශ්නයක් නැහැ.තවත් හිතන්නෙපා ඒ ගැන." යැයි කිවූහ. 

තව ගොන් බෞද්ධ කෙල්ලක් තවත් ප්‍රශ්නයක් ඇසීය."හාන්දුරුවනේ මම මගේ සහෝදරයව එයාට බොරු කියල එයාගෙ  පෙම්වතියගෙන් වෙන් කළා.දැන් දෙන්නා විරසකයි. මම ඒකෙන් සතුටු වෙනවා. ඒක වැරදිද හාන්දුරුවනේ"

එතකොට අමනබද්‍රයා මෙසේ කියාපිය සේක." ඔයා අහාල නැද්ද නන්ද කුමාරයගෙ යි ජනපද කල්යාණියගෙ යි කථාව. බුදුහාමුදුරුවෝ වැඳිරියෙක් පෙන්නලා ජනපද කල්යාණිව වැඳිරියට සමාන කරලයි ඒ දෙන්නව වෙන් කලේ"

"හප්පා මූ බුද්ධාගම විකෘති කරන හැටි. මූනම් බෞද්ධ වෙන්න කොහොමටවත් බැහැ." මූ මං දිහා බලලා හිනා වෙන්නේ මූ රහත් වුනායි කිව්වට පරචිතඥානය පහල වෙලා නැහැයි" මම මිතුරාට පැවසුවෙමි.




බල්ලන්ට සර් කියන්න මම උඹව හදන්නෑ පුතේ



ඔක්කොම කපපු තුමා සියල්ල සන්සුන් කළේය.

නිදහස් රටත් නිදහස් ජාතියත් අහිමි කළ පරසතුරන්ට වෛර කල ජනයා නැවත ඔවුන්ට මේ පොළොවෙහි පය ගසන්නට ඉඩ නොදෙනු ඇතැයි ද ඔවුන් විසින් මෙහි අම්මලාට දාව උප්පතිය දුන් කළු සුද්දන් ද රටෙන් පන්නා දමනු ඇතැයි ද පරසතුරෝ තරයේ විශ්වාස කළහ.නව යටත් විජිතවාදය හෙවත් ඌරාගේ මාළු උෟරාගේ පිටේ තබා කැපීමට ඔවුන්ට ඉඩ නොලැබෙනු ඇතැයි ඔවුන් බිය වූහ.

 එම වෛරය අනුකම්පාවකට හා සදාතනික ප්‍රේමයකට හැරවීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔවුන් ඒ සඳහා  වෙස් වලා ගත් කාන්තා හා පිරිමි සමූහයක් මෙරටට එවන ලදි. මෙහි ජනයා මී හරක් මෙන් හැසිරෙන අන්ධ භක්තිකයින් පිරිසක් බව දැනගත් ඔවුන් ආගම මුල් කර ගත් අභ්‍යාස වලින් තම කාර්ය ඉටු කරගත හැකි බව දුටුවෝය. ව්‍යාජ ආගමික හා ජාතික නිදහස වෙනුවෙන් ඔවුන් පෙනි සිටියහ.ඔක්කොම කපපු නම් තැනැත්තා ද ඒ අතර විය.සියළු දෙනා සන්සුන් කිරීමට ඔහු සමත් විය. ව්‍යජ දේශප්‍රේමී රඟදැක්වීම තිතට කළ ඔහු අදටත් අමරණීය චරිතයක් ලෙස දෙපාර්ශවය විසින්ම ගරු බුහුමන් ලබයි.



හිටං හුටන් ගේ වීරක්‍රියා