ජාතික ගීය

ජාතික ගීය ඉතා කල්පනාකාරීව ජාතියේ අභිලාෂයන් හා සිතුම් පැතුම් ඉස්මතු  වන පරිදි ලියා තිබේ. අසන දකින බොහෝ දෑ ඉතා විකෘති සහගත බැවිනුත්,ලෝභයෙන්, ද්වේශයෙන්, රාගයෙන් දැවෙන සිත් ඇත්තවුන් වීමෙනුත් ජනයාගේ ඔළු තදින්ම නරක් වී තිබේ. රටේ හැඩය පිළිබඳ ඉතා කදිම නිදසුනක් ඉන් පසු දක්වයි.එක් මිනිසෙක් ඉහළට යාම  අනෙකාට කරන මහා අපහසයක්, කෙනහිල්ලක් ලෙස මෙම ජාතිය දකී. එබැවින් අසල් වැසියන්,නෑදෑයින් හා එකට සේවය කරන අය කෙනෙක් ඉහළට යෑම වැලැක්වීමට නොයෙක් උපායන් යොදයි, උගුල් අටවයි. සමාජයේ තැන් හොබවන්නන් අතර නුසුදුස්සෝ බහුල බැවින් සුදුස්සන්ට අත්වන ඉරණම ඉතා ඛේදජනකය. පුස්සන් වන්දිභට්ඨයන් ව සුදුස්සන් යටකර ඉදිරියට යාමේ ගුණය ජාතික ගීයෙන් මනාව පැහැදිළි කරයි. වර්ෂාවට තෙමෙන පොල් අතු පැළක වාසය කරමින් විශාල රූපවාහිනී යන්ත්‍ර, මෝටර් සයිකල්, අධික මිළට ගත් ඇඳුම් පැළඳුම් භාවිතා කරන බොහෝ ජනයා මෙහිදී හමු වේ. රට ණය බරින් මිරිකුන ද විවිධ රාජ්‍ය උත්සව වලදී ධනවත් රටක් මෙන් මුදල් වියදම් කිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. සාගරයක් මැද රට පිහිටියද සාගර සම්පත් නෙලා ගැනීමට ජනයා උනන්දුවක් නොදක්වති. එහි ඇති සම්පත් වෙනත් රටවල් විසින් ඩැහැග‍ෙන යාම ඉතා සුලභව සිදු වේ. ප්‍රධාන ධාන්‍ය බෝගය ලෙස සහල් රට පුරා වැව්වද සහල් ගබඩා පිරී ඉතිරී යද්දී පිටරටින් සහල් ගෙන්වයි. බොහෝ ජනයා රට හාලට ඉතා ගිජු වෙති. යම් කර්තවයක් සඳහා වේලාව නියමකර ගත් කළ එම වේලාවට වඩා අවම වශයෙන් එම කර්ථවය ආරම්භ කිරීම විනාඩි දහයකින්වත් ප්‍රමාද කලයුතු බව ව්‍යවස්ථාවෙහි දැක්වේ.ප්‍රමාද වී පැමිණීම හා වේලාසනින් පිටවීම රාජ්‍ය සේවයේද ස්ථාපිතව ඇත.සැනකෙළි වලදී ජාතික ගීයටත් නැටුම් ඉදිරිපත් කරන බැවින් වේගවත් දඟර නැටුමකට සරිලන පරිදි ගී තණුව නිර්මානය කර ඇත.


  • ජාතික පුෂ්පය - කංසා මල
  • ජාතික වෘක්ෂය - ෆයිනස් ගස
  • ජාතික ක්‍රීඩාව - ක්‍රිකට්
  • ජාතික පානය - අරක්කු
  • ජාතික පළතුර - ඇපල්