හැඳින්වීම

  • නම -ඉල්ලන්කා බඩගොස්තරවාදී ජනරජය
  • ජාතිය - බලු වාර්ගික රටකි
  •  
  • පිහීටීම - සාගරයක් මැද පිහිටා තිබේ
  • ජාතික කොඩිය - බියෙන් නගුට හකුළුවාගත් බල්ලෙකු සහිතයි. කොඩිය වටා අරක්කු හා බීර බෝතල් වලින් නිර්මානය කල රටාවක් ඇත. බල්ලාට ඉදිරියෙන් කොටියෙකුගේ හිසක් හා බැලූ බැල්මට එළුවෙකුගේ මෙන් පෙනෙන නරියෙකුගේ හිසක් දක්නට ලැබේ.බල්ලාගේ පිටු පසින් කටු කම්බියක් ද දක්නට තිබේ. 

     

  • ජාතික ගීය-"ඔළුව තදින්"

  • ආගම - බහුතරය මරණාසන්න නැමති ආගමක් අදාහති. බොහෝ විට මරණ බිය ඇති වූ විට, මරණාසන්න අවස්ථාවේ දී හා මරණයෙන් පසු අවශ්‍ය වේ.



රට රට වලින් ඉල්ලන්කෑම ජාතික අභිමානයක් කොට සලකන ජාතියකි.මෙම පුරුද්ද නිසා එරට අතීතයේ විසූ පඬිවරයෙකු විසින් මෙම නම තබන ලදැයි ඉතිහාසයේ සඳහන් වේ.කලින් සිටි ජන වර්ගය  වෙනස් කර බලු වාර්ගික රටක් ලෙස ණයට දෙන රටවල් විසින් නම් තබන ලදි.

මෙම රටේ පාලනය,නීතිය අධ්‍යාපනය මෙන්ම ජීවන පැවතුම් සියල්ලම අනුන්ගෙන් ඉල්ලාගත් දේවල්ය.තමන්සතු දෑ අත්හැරීම සිය ආගමෙන්ම පුරුදු කර තිබේ. කෑමට බීමට දෙන්නේ නම් තම රට හා ජාතිය විනාශ කළ ඕනෑම සතුරෙකු සමග මිත්‍රවීම රටේ දර්ශනයයි.රටේ ඔනෑම සම්පතක් නොපැකිළිව ඔහුනට ප්‍රදානය කිරීම හා ඒ සඳහා තුටු පඬුරු ලැබීම ගෞරවයක් සේ සැළකේ.

 
පවතින ව්‍යවස්ථාව කිහිප වරක් වෙනස් කර අවසානයේ ඉල්ලන්කා බඩගෝස්තරවාදී ජනරජය නමින් නම් කරන ලදි. ජනයා බොහෝ කාර්යන් ඉටුකරනු ලබන්නේ ඉන් තමන්ට ලැබෙන ඵල ප්‍රයෝජන ගැන සිතාය.අනුන්ව හෙළා දැකීම ,ඉරිසියාව ,කුඩුකේඩුකම් කුඩා කල සිටම පුරුදු පුහුණු වෙති.තම රට දේවල් හෑල්ලුවට ලක් කිරීම නොරටුන් ගැන උජාරුවෙන් කතා කිරීම පුරුද්දකි.

බලු වාර්ගික වීමෙන් පසු ජාතියට තිබූ ජාතික හැඟීම , ජාත්‍යාලය සම්පූර්ණයෙන් නැති විය. ජාත්‍යාලය ඇති අය ජාතිවාදීන් ලෙස හන්වඩු ගසනු ලැබිණි.

ඉල්ලන්කාව ජලය මෙන්ම තවත් වටිනා ස්වභාවික සම්පත් වලින් පිරි ස්වර්ණමය දිවයිනකි. නිර්මානශීලීන් දුලභ නිසා සම්පත් නාස්ති වී යයි. නිර්මානශීලීන් බිහිවීම රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් වලක්වා ඇත. දේශයට ආදරය නොකරන්නන් බිහි කිරීම රටේ අධ්‍යාපන අරමුණු වලින් එකකි. ජලය පවා පිටරටකින් ගෙන්වාගෙන ලස්සන බෝතල් වල දමා බීමට ගැනීම මෙරට ජල සම්පත සුරැකීමට වඩා හොඳ යැයි ජනයා සිතති. තම බිරිඳව වෙනත් අයෙකුට දී දරුවන් ලබා ගන්නා සේ රටේ සම්පත් පිටරට්ටුන්ට දී ඒවායෙන් සිදු කරන නිශ්පාදන අධික මිළට මිළ දී ගනිති.