දේශපාලනය

 දේශපානය අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයකි. ඕනෑම කඩප්පුලියෙකුට කිසිදු බාධාවකින් තොරව දේශපාලනයට පිවිසිය හැකිය. අතේ සතේ නැතිව දේශපාලනට පිවිසිසෙන මොවුන් ධනකූවේරයන් වන්නේ ජනතාවගෙන් ලබා ගන්නා බදුමුදල් වංචා කරමිනි. පාලකයෝ තෝරාගනු ලබන්නේ ඡන්දදායකයින් නමින් හඳුන්වන අමනයින් පිරිසක් විසිනි. කෑමට බීමට ලැබෙන දෑ අනුව මෙම පිරිස පාලකයන්ට තම කැමැත්ත ප්‍රකාශ කරති. පාලකයෝ කිසි වැඩක් නොකොට ප්‍රතිවාදීන් විවේචනය කරමින් තම ජයග්‍රහණය තාහවුරු කර ගනිති.බැලූ බැල්මට ඔවුන් විසින් පාලනය කරන බව පෙනුනද වෙනත් රටවල් හා ජාත්‍යන්තර සංවිධාන මගින් සෑබෑවටම රටේ පාලනය ගෙන යති.

පාලකයෙකුවීමේ මුලික සුදුසුකමක් වන්නේ නිසි අධ්‍යාපනයක් නොලබා සිටීමය. පාලකයෙකු සේ ඉහළට යාමට නම් වාචාලකම අනිවාර්ය සුදුසුකමකි. හිස් වදන් පැවසීමට ඇති හැකියාව ද තිබිය යුතුය. අනුකම්පා විරහිත බව, ලැජ්ජානැතිකම  සුදුසුකම් අතර වේ.

පාදඩයෙතු වීම තුළින් ඉහත සුදුසුකම් සපුරාගත හැකිය.රට පාලනය කරන්නාට ශබ්ද කෝෂයේ දී ඇති වචනය වන්නේ “දේශපාළුවා“ ය.දේශපාළුවෙකු සතු ලක්ෂණ කිහිපයක් පහත දක්වා තිබේ.
  • බොරු කීම, රැවටීම,චාටු බස්දෙඩීම.
  • තමපිලෙහි නායකයාගේ කිලිටි සේදීම
  • ව්‍යාජ හේතු දක්වා කල්ලි මාරු කිරීම
  • බල කාමය
  • දේශද්‍රෝහී බව හෙවත් බලය හා වාසි හමුවේ ජාතිය පාවාදීම
ජන්දය හෙවත් කැමැත්ත රටවැසියන්ගෙන් ලබා ගැනීම ඉතා පහසු වන්නේ ඉහත ලක්ෂණ හා සුදුසුකම් තිබුනහොත් පමණි. රටවැසියන් චන්ඩින්ට ඉතා කැමැත්තක් දක්වන බව පෙනේ ,පරයින්ට ජාතකව ඉපදුනු  කලුසුද්දන්ට ද  බොහෝ රට වැසියන් ආසා කරයි.එයට හේතුව පරසතුරන්ගෙන්පැවතෙන්නන් සුදු මූහුණ,තැඹිළිපාට ශරීරයකින් යුතු වීමයි. විශේෂයෙන් ඉල්ලන්කාවේ කාන්තාවන් මෙම සුදු මුහුණු වලට ප්‍රිය කරති. එම නිසා චන්ඩින් හා පුලන්නන් පහසුවෙන් වැඩි ඡන්ද ලබා පාලකයින් බවට පත් වෙති. ශරීරයේ පේශි නෙරා ආ සුදු මුහුන සහිත නළුවෙකුට හෝ කැපී පෙනෙන දේහ ලක්ෂණ ඇති නිළියකට ඡන්ද දායකයින් අමන්දානන්දයට පත් කළ හැකිය.ඔවුන් පාලකයින් වුකල්හී පෙර රඟපෑම තවත් හොඳින් කරගෙන යති. පාලකයින් වන්නන් අතර නීතිය කරවන අයද බහුලය. නීතිය දන්නා විට නීතිය අතට ගැනීම හා නීතියේ සිදුරු වලින් රිංගා යෑම ඔහුනට පහසු වේ. පාලකයින් වන අනෙක් බොහෝ දෙනා ව්‍යාපාරිකයෝය. තමාගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට පත්කිරීම හා මුදලාලි කෙනෙකුට ඉහළ පිළිගැනීමක් සමාජයේ නැති හෙයින් ඔවුන් තමාට නිසි නැති ගෞරවය හා අභිමානය ලබා ගැනීමට දේශපාළුවෝ වීමට වෙර දරති.

බලු වර්ගයේ ජනතාව රැවටීම ඉතා පහසුය. බල්ලෙකුට නොවටිනා විසිකරන මස් කටුවක් දික් කළ සැටියේ නගුට වනන්නා සේ කෑමට යමක දුන් විට,දිමට පොරොන්දු වූ විට පවා ඔවුන් නම්මවා ගත හැකිය. ජාතියේ පැවැත්ම හා රටේ අනාගතය අමතක කර ලැබෙන මුදල හා ආහාර ගැන සිතා ඔවුන් සිය කැමත්ත දේශපාළුවන්ට දෙති. නරි වර්ගය හා කොටි වර්ගය ඊට හාත්පසින්ම වෙනස්ය.

පාලනය සඳහා එකතු වන හෙන්චයිලා නැමති පිරිසක් ද සිටිති.මෙම හෙන්චයිලා ඉතා බලවත් පිරිසරකි. නිළනොළත් හෙන්චයිලා ඉතා භායානකය. ඔවුන්ගේ ලෝකය පතාල ලෝකය ලෙස හඳුන්වයි. දේශපාළුවෝ  තම ප්‍රතිවාදීන් ඝාතනය කිරීමට මේ හෙන්චයියලාට පවරති. මේ වෙනුවෙන් හෙන්චයියලාට කුඩු ආනයනය කිරීමට අවසර ලැබේ.මුදලට රැකියා විකිණීමද හෙන්චයියලා සතු කාර්යයකි.කල්ලිමාරු වන විට හෙන්චයිලා ද මාරු වෙති. දේශපාළුවෝ කන පාන් වල ලෙලි හෙන්චයියලා කති.

හෙන්චයිලා අතර පරිපාලකයෝ  ද සිටිති. හෙන්චයිලා නොවන පරිපාලකයෝ තම පුටුවලින් විසිවෙති.පරිපාලකයෝ ද නිෂ්පල අධ්‍යාපන ධාරවේ ප්‍රතිඵල වේ. ඔවුන් විභාග සමත්විමට දක්ෂයින් වන අතර බොහෝ විට වැඩට අදක්ෂය. සමහර අවස්ථාවල දක්ෂයෝ මෙම අදක්ෂ පරිපාලකයෝ යටතේ සේවය කරති. පරිපාලකයින්ගේ ගොන් වැඩ ඔවුන්ට වැටහේ. ගොන් වැඩ වලට එහෙයි නොකියන කල කැපිලි කෙටිලි වලට මුහුන දීමට සිදු වේ. සමහර පරිපාලකයෝ තමාගෙන් ඉටුවිය යුතු සැබෑ කාර්ය අමතක කර පිස්සු නටති. වත්ත පුරා මල් සිටුවති. බිත්ති පාට කර අදර්ශ වැකි හා චිත්‍ර වලින් බිත්ති පුරවති. ලිපි ලේඛණ ලෙබල් කරති.සේවකයින්ගේ ඉටුවන කාර්ය නොතකා පැමිණෙන හා පිටවන වේලාව ගැන බලති. සිද්ධ වන සේවාව දුර්වල වුවත් ලිපි ලේඛන ගොනු පිළිවෙලට පවත්වාගෙන යති.ඉටු විය යුුතු සේවාව ගැන නොසිතා රාජකාරිය ගැනම සිතති. විශ්‍රාම යෑම මරණීය දණ්ඩණයක් සේ දකිති. මැරෙණතුරු තනතුරේ සිටීමට ආසා කරති. තමාගෙන් රටට මහත් සේවයක් විනැයි වරදවා වටහා ගනිති.(සේවය කලා නම් රට මේ අසරණ තත්වයේ තියෙයිද?)

දේශපාළුවන් අතර කල්ලි කිහිපයක් තිබේ.කල්ලි වලට පාට තිබේ. නම් ද තිබේ.කළු කල්ලිය මාරක නම් වේ. රතු කල්ලිය කැරලි කල්ලිය නම් වේ.
කළු කල්ලිය පෙජාචන්ත්‍රවාදෙන් සියළු අපරාධ සිදු කරයි.රතු කල්ලිය පෙජාචන්ත්‍රවාදෙට අකමැති අතර අවිකෑ වාදයෙන් ඉදිරියට ඒමට තැත් කරයි.
අවිකෑ යනු අසාධාරණය විකුණන් කෑම යන්නයි. මෙය අළුත් වාදයකි. මෙහිදී  අනෙක් කල්ලි රට පාලනය කරන විට අසාධාරණය හා අයුක්තියට ලක්වන පිරිස ඉලක්ක කර ගනී. අවිකෑ වාදීන් ඔවුන් වෙනුවෙන් හඬ නගති. බැලූ බැල්මට වෙනස් ලෙස පෙනුනද සියළු කල්ලි වලට ඇත්තේ එකම අරමුණකි. ඔවුන් එම අරමුණ සඵල කර ගැනීමට ඔවුන්ට හැකි මාර්ග තෝරා ගනිති. ඇතුල් විය යුත්තේ පෙරහැරට නම් කෙනෙකුට කොඩියක් අතට ගත හැකිය, තවෙකෙකුට මල්වට්ටියක් ගත හැකිය. මල් වට්ටිය ගත්ත ද කොඩිය ගත්තද යා යුත්තේ එකම පෙර හැරෙහිය.පෙරහැර යන මාර්ගය ඔවුන් දෙපළටම වෙනස් කළ නොහැකිය. ඔවුන්ගේ අධිකාරී බලයට වඩා සිය දහස් ගුණයක බලයකින් පෙරහැර ගමන් ගන්නා මාර්ගය ස්ථිර කර තිබේ.